ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.
කැබිනට්, රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය තනතුරුවලින් ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළේය.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ප්‍රමාණවත් නීති නොමැතිවීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය මඟින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ජනතාවගේ පැමිණිලි භාර ගැනීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේ අද (03) සිට ස්ථාපිත කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පවසයි.
එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සදහා මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යම් උත්සාහයක් දියත් වෙමින් ඇති නිසා එජාප අභ්‍යන්තරයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
රිෂාඞ් බදියුදීන්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පමණින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට කලබල නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
Governers MLAM Hizbullah and Azath Salley hand over their resignation letters to the president short while a go.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය පක්ෂය මේ වනවිට අවසන් තීරණයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ බහුතර ජනතාවගේ මතය සිය පක්ෂයේ මතය වන බවයි.
රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.
පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.
අද (04) පස්වරු 3.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති සිරිසේන විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනූව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ඊයේ (02) රාත්‍රියේ ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉම්පොර්ටඩ් බඩු ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බව පසුගියදා ස්වාධීන රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම ඊයේ (03) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය. එහිදී සීමා නිර්ණ කටයුතු හෝ නව මැතිවරණ ක්‍රමය හෝ නොසලකා මැතිවරණය පැවැත්වීමට හැකි බව දැනුම් දී තිබේ.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday welcomed President Maithripala Sirisena’s statement made in India that the Presidential Election had been scheduled for 7 December, insisting Sirisena’s remarks assured that Presidential polls would be held on time.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.
Page 538 of 544