Friday, October 18, 2024
Follow Us
ඉවත් වූ පිරිසගේ වරප්‍රසාද අත්හැරීම ගැනත් ඒකාබන්ධ විපක්ෂය අවදානයෙන්

රිෂාඞ් බදියුදීන්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පමණින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට කලබල නොවන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප‍්‍රකාශ කළේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත්වීමද කූඨ උපක‍්‍රමයක් විය හැකි බවයි.

මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වුවද ඔවුන් සිය බලය සහ වරප‍්‍රසාද අත්හරින්නේද යන්න පිළිබද ගැටළුවක් පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී "මේක ඉල්ලා අස්වීමක් නෙමෙයි..පළමුවෙන්ම. තනතුරු අතහැරීමත් එක්ක අපට මතුවන ඊළඟ ප්‍රශ්නය තමයි රාජ්‍ය බලය භාවිතා කිරීමත් අත්හරින්නේද යන්න. ඔවුන් සතුව තිබූ වාහන, කාර්යාල.. ආදී සැබෑ ලෙසම බලය අතහැරීමක් කළේද?..එසේත් නැතිනම් අමාත්‍යාංශයට නොගොස් ගෙදරට පමණක් වී සිටින්නේද?.. මේ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතුයි." යනුවෙන්ද සඳහන් කළා.

(Neth)