2024 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට දීම සඳහා රජයේ රු.මි.25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිගු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම මත හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම් චන්ද්‍රසේන අද (04) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.