හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා තිබේ.
මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙනි.
මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසයි.