Thursday, April 25, 2024
Follow Us
මහින්ද ජනතාවගේ දුක අහන කාර්යාලයේ දොර අරියි..

ජනතාවගේ පැමිණිලි භාර ගැනීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේ අද (03) සිට ස්ථාපිත කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පවසයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.

පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති අතර මෙම හමුවට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද එක්ව සිටියේය.

අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත් විය.

නොග 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ් නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.

රජයේ අකටයුතුකම් නිසා එදිනෙදා පීඩාවන්ට පත්වන්නන්ට මෙන්ම දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ගේ තොරතුරු මෙම කාර්යාලයට ලබා දිය හැක.

(Lanka Leads)