Saturday, April 20, 2024
Follow Us
ඇමතිධුරවලින් ඉවත් උනත් රජය සමඟයි

කැබිනට්, රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය තනතුරුවලින් ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ තනතුරුවලින් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු මන්ත්‍රීවරයෙකු තීරණය කර නොමැති බවයි.

ඒ අනුව ආණ්ඩුව බෙලහීන කිරීමේ ක්‍රියාවක නිරත නොවන බවත්, පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තවදුරටත් ආණ්ඩුව සමග සිටින බවත් ඔහු සඳහන් කරයි. මෙම මාධ්‍ය හමුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් සහභාව සිටියහ.

(LNW)