Saturday, January 03, 2026
Follow Us
අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්. මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (04) පස්වරු 3.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම විශෙෂ පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මේ අතර අද පෙරවරු 11.00ට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේ.

(LNW)