කාති උසාවි යනු වසර 70 කට අධික කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් බවත්, එම අධිකරණ පද්ධතිය නීතිවිරෝධී එකක් නොවන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ සංවිධාන 11 ක් සහ ති‍්‍රකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 17 කට යවා ඇති රහස් සංදේශයක අඩංගු තොරතුරු ශී‍්‍ර ලංකා රජයට හෙළි වී තිබෙන බව වාර්තාවේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දි පැවති පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවයි.
2019 වර්ෂය අවසන් වනවිට ට්‍රිලියන 13ක් වූ අපගේ මුලු ණය ප්‍රමාණය 2020 දී ලබාගත් ට්‍රිලියන 2න් නොනැවතී 2021 වසර සඳහා තවත් ට්‍රිලියන 3ක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව පාර්ළිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි.
The main opposition today accused Speaker Mahinda Yapa Abeywardena of being biased.
ඊයේ (21) දින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 1948 දක්වා අප රට පාළනය කළේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් බවත් එම රටාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2019 සිට 2024 දක්වා රට පාළනය කරන්නේ වෙන්දේසියෙන් බවත්ය.
The Government is resorting to stripping away powers from elected officials and specialists in the civil service and appointing serving and retired military officers to fill their roles in an attempt to create a system of ‘Yes Men’ and not to improve efficiency and discipline, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Imthiaz Bakeer Markar alleged yesterday.
වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
Former Army Commander Field Marshal Sarath Fonseka is saying that giving military training for everyone above the age of 18 is not financially possible for the government.
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර මහතා පත්කර තිබේ.
An intruder has forcibly entered the Horagolla Walawwa in Nittambuwa during the wee hours of yesterday (20), police say.
තමාට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති නමුත් පසුගියදා පක්ෂයේ ඇතැම් ධුරවලට පත් කළ පුද්ගලයන් පිළිබඳව තමාට ප්‍රශ්නයක් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් පසුගිය හය මාසය තුළ ඉතා ඵලදායි යෝජනා රැසක් ඉදිරිපත් කළ මුත් ඒවා පිළිබඳ පක්ෂ නායකත්වය කිසිදු තැකීමක් ලක් නොකල බවත් නවින් දිසානායක මහතා අවධාරණය කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක රවී කරුණාරත්න, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.
“ටෘත් විත් චමුදිත” අන්ත්‍රජාල නාලිකාව සමඟ සම්ම්මුඛ සාකච්ඡාවකට ශභාගි වෙමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බවයි.
පාර්ළිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම කථානායකතුමාට අයිති කාර්‍යයභාරයක් බවත් ඒ සඳහා අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් විය නොහකි බව ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් එමෙන්ම අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී පාර්ළිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් විය නොහැකි බව අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් එමනිසා රන්ජන් රාමනායක මහතා පාර්ළිමේන්තුවට කැඳවීමට අයිතිය තිබෙන්නේ කථානායකතුමාට පමණක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (19) දින පාර්ළිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.
වරාය අධිකාරියේ මුදල් වලින් ඉදිකර ක්‍රියාකිරීමට සූදානම් කර තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කුමන අදහසකින් ඉන්දියානු සමාගමකට පවරනවාද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇති බවත් මීට පෙර එක් පර්යන්තයක් චයිනා හාබර් වෙතත් තවත් පර්යන්තයක් වෙනත් පෞද්ගලික සමාගමක වෙතත් ලබා දී ඇති අතර ඒවායෙන් ලද ප්‍රගතිය කුමක්ද යන්න මෙහිදී සලකා බැලිය යුතු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි
Page 320 of 555