Thursday, August 21, 2025
Follow Us
බොරු පතුරුවන අයට කියන්න මහින්ද එදාට වඩා හොඳට අද ඉන්නවා කියල – මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතාට යම් කරදරයක් වී ඇතැයි පැතිර යන දූෂමාන ආරංචි සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමේ අරමුණින් තමා අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත් බවත් එයට ඔහු සුපුරුදු පරිදිම පිළිතුරු දුන් බවටත් දෙහිවල හිටපු නගරාධිපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

ඉතිං මේ ආරංචිය අද උදේ පාන්දර ආවහම මම උදේ පාන්දරම මහින්ද මහත්තයට කතා කරලා මං මුලින්ම ඇහුවේ ඔබතුමාට කොහොමද කියලා. එතුමා වෙනදා වගේම උත්තර දුන්නේ මල්ලි මං ෆිට් එකේ ඉන්නවා කියලා දැනුත් මේ ජිම් එකේ බොක්සිං ගහන ගමන් ඉන්නේ ඇයි හදිස්සියක්ද කියලා මං කිව්වා නෑ සර් මේ එක එක්කෙනා බොරු කතා කියනවා ඒකයි බැලුවේ කියලා. ඒ ගමන එතුමා කිව්වා අනේ ඔය කියන එවුන් බලාගෙන ඉන්නෙ මං මැරෙනකල් එහෙමත් නැත්නම් මට මොනාහරි දෙයක් වෙනකන් බයවෙන්න එපා මං මේ රට වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක් මං මේ රට බේරගත්ත නායකයා ඒ වගේම මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ආදරය කරුණාව ආශිර්වාදය තියෙනකල් මට ඉහෙන් බහින රෝගයක් හැදෙන්නෑ මල්ලි එක නිසා කිසි දෙයකට බයවෙන්න එපා ඒ කතා කරන අයට කියන්න එදාට වඩා හොඳට මහින්ද අද ඉන්නවා කියලා ඔන්න ඕක තමා වුන ඇත්ත කතාව. මට මේ වුන කතාව නිකං ලියන්න හිතුනා මොකද මං මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පණ වගේ ආදරේකරන නිසා.

(Lanka Leads)