Thursday, August 21, 2025
Follow Us
නවීන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික නවීන් දිසානායක මහතා එම නිල තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

මේ සම්බන්ධයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපියට අනුව නවීන් දිසානායක මහතා සදහන් කර ඇත්තේ මෙවැන්නකි…

“මා දැනට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික හැටියට කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන අතර, ඔබ හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මා හට නැවතත් ලබාදෙන ලද ජාතික සංවිධායක ධූරය තවත් සුදුසු පුද්ගලයෙකුට ලබාදෙනවාට මාගේ විරුද්ධත්වයක් නොමැති බව මෙයින් දන්වා සිටිමි” යනුවෙනි.

මෙමගින් නවීන් දිසානායක මහතා දක්වා ඇති අදහසේ ඇති අපහැදිලිතාවය නිවැරදි කර ගැනීම සදහා අප ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් එජාප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික යන තනතුරු වලින් ඉවත් වන බවයි.

(Aruna)