Wednesday, April 24, 2024
Follow Us
ජනතා හදගැස්ම අපි හඳුනාගත යුතුයි. පැහැදිලිවම ජාතික සම්පත් රැකගැනීමේ සටනේ අපි ඉන්නවා - නාමල්

ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහි සටනේ එදාත් තමන් සිටි බවත් අදටත් එම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"තාම ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා නෑ. අපි පැහැදිලිව ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහිව එදා නැඟී හිටියා, ඒ මතයේ අපි අදටත් ඉන්නවා.

ඒ එක්කම මං හිතන්නෙ ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් තීන්දුවක් ගන්න ඕනෙ. ඒ වගේම ඒ සඳහා නැගෙන සියලු කාරණා අපි සලකා බලන්න ඕනෙ. මොකද මේ රටේ ජනතාවගේ හදගැස්ම අපි හඳුනාගන්න ඕනෙ. ඒ නිසා මේ රටේ ජාතික අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනෙ.

හම්බන්තොට වරාය විකුණනකොට අපි ඒකට විරුද්ධව පාරට බැස්සා විතරක් නෙවෙයි අපි හිරෙත් ගියා, ගුටිත් කෑවා. ඒ, ජාතික සම්පත් ආරක්ෂා කරන්න අපි සටන් කරපු නිසා. හැබැයි මට තියෙන කණගාටුව තමයි එදා සම්පූර්ණ වරායක් විකුණනකොට නිදියාගෙන හිටපු අය අද ජැටියක් ගැන කතා කරනවා. එතකොට මට අහන්න තියෙන්නෙ ඒ අයගෙන් හම්බන්තොට වරාය ජාතික සම්පතක් නෙවෙයිද ?

ඒ අනුව පැහැදිලිවම ජාතික සම්පත් රැකගැනීමේ සටනේ අපි ඉන්නවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)