පුද්ගලයින් මාරු කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
The Tamil National Alliance has called on the government to immediately remove State Minister for Prison Management, Lohan Ratwatta and have him arrested and charged after an immediate inquiry for allegedly threatening to kill prisoners in Anuradhapura Prison on Sunday.
ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමක් ලෙස බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා ලබාදුන් පොරොන්දුවලට ජනවරමක් ලැබුණු බවත්, ඒ අනුව දේශීයව නිෂ්පාදනය කළහැකි සියලු දේ ආනයනය අත්හිටුවා රටතුළ නිෂ්පාදනය කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ පටි තද කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරේම ආණ්ඩුව නවක මන්ත්‍රීවරුන් සඳහා නිවාස 200ක් ඉදිකිරීමට සූදානම් වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සාලි මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයාට අල්ලස් ලබා දුනහොත් මන්ත්‍රී ධූරය අහෝසි විය හැකි බව මොණරාල මහාධිකරණය ඊයේ ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවෙන් පැහැදිලි වන බව පැෆරල් සංවිධානය පවසනවා.
රට දැවැන්ත අර්බුදයකට ගොස් සිටින අවස්ථාවකදී ජනතාවද කැපකිරීම් කළයුතු බවත්, පරිත්‍යාග කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කිසිවෙකුත් මෙවැනි මොහොතක වරදාන වරප්‍රසාද ඉල්ලීමට කටයුතු නොකළ යුතු බවයි.
2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වනවා.
රට නැවත 70-77 සමයට ගමන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ආඩම්බර වන නමුත් එය කිසිසේත්ම ආඩම්බර විය හැකි තත්වයක් නොවන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. එදා රට පැවතියේ ණය නොමැති තත්වයක් තුළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ට්‍රිලියන ගණනින් ජාත්‍යන්තරයට ණය වී ඇති රටකට 70-77 ප්‍රතිපත්ති කිසිසේත්ම නොගැලපෙන බවයි.
State Minister of Prison Management, Lohan Ratwatta has resigned from his portfolio a short while ago. He has sent his resignation letter to President Gotabaya Rajapaksa.
සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්ති නාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.
Samagi Jana Balawegaya (SJB) MP Eran Wickramaratne yesterday responded to comments by Nivard Cabraal published yesterday alongside the former’s opinion on the latter’s upcoming appointment as the Governor of the Central Bank.
ආණ්ඩුවේ වගකිව යුතු රාජ්‍ය ඇමතිවරයෙකු අනුරාධපුර බන්ධනාගාරය තුළදී නින්දිත හා නීතිවිරෝධී ලෙස හැසිරී සිදුකළ කලබැගෑනිය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නව මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාට එරෙහිව මැන්ඩාමස් රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
UNP Chairman Vajira Abeywardene yesterday said leader of his party Ranil Wickremesinghe had requested for Chinese assistance to fight the COVID- 19 pandemic.
Page 249 of 552