තමාගේ මැදිහත්වීමෙන් මඩකළපුව ප්‍රදේශයේ වැලි ජාවාරම් සිදු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව ජාවාරම්කරුවන්ගේ කටයුතුවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
විපක්ෂය විවිධ කරුණු ඈඳා ගනිමින් තමාගේ පවුලට චෝදනා එල්ල කරන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ එවැනි ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් පොලීසියට පැමිණිලි කරන ලෙසයි. එසේ වුවහොත් තමන්ටද ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට හැකි බවද ඔහු පවසනවා.
පොලීසියට පැමිණිලි නොකර නිකරුනේ චෝදනා කරන්නේ එම චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැති නිසා බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසනවා.
(LNW)