රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය.
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේද බැහැ දැක ආශිර්වාදය ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසින් අමතා මේ බව පැවසීය.
රටේ දේශීය සම්පත් කුණුකොල්ලෙට පිට රටට විකුණමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිංසක පොදු ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට අනුබල දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකයා, දේශපාලන බලය තිබූ පලියට, මුදල් තිබුණ පලියට, මේ ඉඩම් මංකොල්ලය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවද පැවසීය. ආණ්ඩුව මේ රට තල්ලු කරගෙන යමින් සිටින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකට බවත් කැලෑ නීතිය අතටගෙන සිදුකරන මේ කොල්ල කෑමට එරෙහිව ගත යුතු සහ ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.
(LNW)