පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිනපතා පැය 24ටම ගැසට් ගැසීමට අවශ්‍ය නම් එය කළ යුතු බවත් එය රජයේ ප්‍රතිපත්තිය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
පවතින ගෝලීය වසංගතය වැනි තත්ත්වයකදී ආර්ථික සමාජ කාරණා දෛනිකව වෙනස වන විට ඒ සමඟ තවත් පිරිසකට සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
''දෙකෝටියක් පාරිභෝගිකයෝ ආරක්ෂා කර ගන්නත් ඕනේ. ගොවියාව ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ වගේම අද ආර්ථික ප්‍රශ්නයත් එක්ක රටේ තිබෙන මුදල් ටික එළියට යන්න දෙන්නත් බැහැ. අනවශ්‍ය විදිහට හාල් ටික පොල් ටික එළියෙල් මිලදී ගන්නත් බැහැ. මේ වගේ ගෝලීය වසංගතයකදී දෛනිකව වෙනස් වෙන්න පුළුවන් සමාජයේ තියෙන යම් යම් කරුණු. ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ආරක්ෂාව ගැන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් අද උදේ තියෙන දේ නෙවෙයි හවස තියෙන්නේ. ඒකත් එක්ක තවදුරටත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක යම් කිසි පිරිසක් සෙල්ලම් කරනවා නම් අපිට මුළු මහත් පාරිභෝගිකයාව එහෙම නැත්නම් අසරණ ජනතාව ආරක්ෂා කරගන්න රජය පැත්තෙන් ගන්න තියෙන ක්‍රියාමර්ග ගන්නවා. ඒ නිසා දවසේ පැය 24ටම ගැසට් ගැහුවත් අපි කියන්නේ ගහන්න ඕනේ. මම විශ්වාස කරනවා අපේ රජයේ ප්‍රතිපත්තිය ඒක. මොකද ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ''යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
(LNW)