Monday, July 07, 2025
Follow Us
දීපු ඒවා ගන්න ආපු අය තියන ඒවත් විකුණගෙන විකුණගෙන යනවා - මරික්කාර්

පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව LNG ටර්මිනල් ක්‍රියාත්මක විය යුත්තේ රජයේ පාලනය යටතේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. එවැනි ප්‍රතිපත්ති පවා උල්ලංඝනය කරමින් යුගදනවි ගිවිසුම හරහා, අලුතින් ඉදිකරන LNG ටර්මිනල් පද්ධතියද ඇමරිකානු සමාගමට ලබා දී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටපුල‍, පාලුවට ගොස් ඇති නෙලුම් පොකුණ වැනි ව්‍යාපෘතියක් පෞද්ගලීකරණය කරන්නේ නම් පාඩු ලබන නිසා ඒවා විකුණන බව ප්‍රකාශ කළ හැකි බවත්, කෙසේ නමුත් වසරක රුපියල් බිලියන 02 ක ලාභාංශ ලබාගෙන ව්‍යාපෘතියක් පෞද්ගලික අංශයට ලබාදීම සාධාරණීකරණය කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් මරික්කාර් මහතා සඳහන් කරනවා. මේ සඳහා ඇති එකම හේතුව ආණ්ඩුවට ඩොලර් නොමැති වීම බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඩොලර් ලබා ගැනීම වෙනුවෙන් ලාභ ලබන ආයතන විදෙස් සමාගම්වලට විකිණීම කිසිසේත්ම එකඟ විය නොහැකි තත්වයක් බවයි.

ඔරකල් ඩේටා බේස්වලින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා රට පාලනය කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, විදෙස් රටවල හිමිකාරීත්වය සහිත ව්‍යාපෘති, ආයතන යලි ලබා ගැනීම කෙසේ වෙතත් තිබෙන ආයතනද විකුණමින් සිටින බවයි මරික්කාර් මහතා පවසන්නේ.

(LNW)