පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ මෙරට ගොවි ජනතාව නව තාක්ෂණයත් සමඟ මුසුවූ කාබනික පොහොර භාවිතයට හුරු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. පවතින තත්ත්වයන් යටතේ මුදල් සොයාගත හැකි වුවද විදෙස් රටවලින් යූරියා ගෙන්වා ගැනීම ඉතා අපහසු කටයුත‘්තක් බවයි.
රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා අකමැත්තක් පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
පසුගියදා අලුතින් ගැසට් කෙරුණු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහා හිටපු ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේ නමත් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නමත් යෝජනා වී ඇති බව වාර්තා වේ.
තවදුරටත් කල්නොදමා 21 වැනි සංශෝධනය සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ගම්වල ජනතාව සිතාගෙන සිටින තරම් වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
කිසිදු රාජපක්ෂවරයෙකු තනතුරුවලින් යළි ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා
ඔළුගෙඩි මාරුවක් වුවද, මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ, මැතිවරණ ක්‍රමයට ගෙන ආ යුතු සංශෝධන ඇතුළත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමටයි.
රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ගිනි තැබීමට ලක්වූ සිය නිවස බැලීම සඳහා ඊයේ (11) පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී හඬා වැළපෙන ආකාරය දක්නට ලැබිණි.
විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා පළ වනවා. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ කුමන පුද්ගලයෙකු බලයට පැමිණිය ද රට යළි ගොඩනැගීම අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති කඩනමින් වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.
රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Page 154 of 554