Thursday, January 01, 2026
Follow Us
ජනාධිපති ඉන්න ඕන, අගමැති යන්න ඕන – වාසුගේ අලුත්ම තියරිය

වත්මන් දේශපාලන අර්බුදයට ඇති සාර්ථකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව පක්ෂ 10 කණ්ඩායමේ ප්‍රධානියෙකු වන වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පක්ෂ 10 කණ්ඩායම, ශ්‍රීලනිප පාර්ශ්වය, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වියයුතු බවද ඒ මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කා මහතා ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ හරහා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටින තෙක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බැවින් වහාම ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පවසනවා.

LNW