ජනතා ගැටලුවලට විසඳුම් නොදී ජනතාව රවටන බවට ආණ්ඩුවට චෝදනා
රජයට විරෝධය පා සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂය අද(21) තීන්දු කළේය.
ජනතා ගැටලුවලට විසඳුම් නොදී ආණ්ඩුව ජනතාව රවටමින් සිටින නිසා, ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ඉදිරිපත් කරන තුරු සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ, සමගි ජන බලවේගය, සමගි ජන බල සන්ධානය, අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේශන්, අතුරලියේ රතන, වඩුවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ මෙම තීන්දුවට සහය පළ කරමින් කතා කළහ.
Aruna