Friday, January 02, 2026
Follow Us
ජොනී ඉල්ලූ වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබූ අතර ඔහුට එරෙහිව පොලීසිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි.

ඊට අදාලව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමතිවරයා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

LNW