Friday, January 02, 2026
Follow Us
ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි !

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් අර්බුදය මතුවී මාස ගණනක් තිස්සේ පාර්ලිමේන්තුව රැස්වුණු නමුත් එහි පැවැත්වෙන වාද විවාද, කතාබස්වලින් කිසිවක් ජනතාවගේ ජීවිත අබමල් රේණුවකින් හෝ ඉහළට ගෙන ඒ මහතා සමත්ව නොමැති බැවින් වත්මන් පාර්ලිමේන්තුව ජනතාවගේ හඬ හෝ වුවමනාවන් නියෝජනය නොකරන මධ්‍යස්ථානයක් බවට පත්වී අවසාන බවයි ඒ මහතා සඳහන් කළේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයත් මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දී තිබිණි.

LNW