Thursday, January 01, 2026
Follow Us
රට තවදුරටත් අගාධයට නොදමා වගකීම් තමන්ට භාර දෙන්න - විපක්ෂ නායක ගෙන් ඉල්ලීමක්

රට තවදුරටත් අගාධයට නොදමා වගකීම් තමන්ට භාරදී ආණ්ඩුව ඉවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර රට ගොඩ නැගීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් සමඟි ජන බලවේගය සතු බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එන් වෙමින් ඔහු කියා සිටියේ.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම මේ මොහොතේ අවශ්‍ය වන බවයි.

Neth