Thursday, January 01, 2026
Follow Us
මෛත්‍රීගේ පක්ෂ නායකත්වයට එරෙහි නඩුව: විරෝධතා ගොනු කිරීමට දින නියම කරයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවිණි.

නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා වගඋත්තරකරුවන්ට දින නියම කර තිබෙනවා.

ශ්‍රීලනිප කාරක සභිකයෙකු වන මොන්ටේගු ජයවික්‍රම මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

LNW