ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ධම්මික පෙරේරාට ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා හෙට (21) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි.
ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවට වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
Aruna