සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම මේ මොහොතේ ඵලක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමට පෙර බවයි.
අරගලකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බව සර්ව පක්ෂික අරගලකරුවෝ පවසනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
රට මේවනවිට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට පැහැදිළි විසඳුමක් සහිත වැඩපිළිවෙළක් ඉදිරි මාස 06 තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.
විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.
ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
The government initiated negotiations with the parties in the opposition yesterday in a bid to form what is called ‘an all-party’ government.
ආර්ථිකය දරණු තත්ත්වයකට ඇද වැටීමට හේතු සෙවීම වෙනුවට හදිසි නීතිය යටතේ සාමාන්‍ය මහජනතාව අත්අඩංගුවට ගැනිමින සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් මහතා පවසයි.
ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
රට පත්ව ඇති ආර්ථික කඩා වැටීම තුළ දමිළ ප්‍රජාවට රටතුළට මුදල් ගලාඒමේ ක්‍රියාන්විතයට අවස්ථාව ලබාදිය යුතු බවත්, ඒ සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ආර්ථික කලාප ස්ථාපිත කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශනාකියන් රසමානික්කම් මහතා (27) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
පස්සේ දොරෙන් බලයට ආවත් රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදි වීමට තිබුණ අවස්ථාව නැති කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
තමන් වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් භාරගනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Page 133 of 552