Wednesday, January 07, 2026
Follow Us
මහින්දට සහ බැසිල්ට තවදුරටත් විදෙස් ගමන් තහනම්!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව ලබන මස 05 වැනිදා තෙක් ඔවුන්ට විදෙස් ගත වීමේ හැකියාවක් නොලැබෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුක පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුලූ පාර්ශවකරුවන් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයේ නඩුකරයට අදාළව නියෝගය ලබා දී ඇත.

LNW