Wednesday, January 07, 2026
Follow Us
රංජන් ගැන අලුත්ම ආරංචිය

රංජන්ට සමාව දීම ගැන අධිකරණ ඇමති කියන කතාව


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත්කර ඇති බව අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඒ සඳහා තමන් නීතිපති වරයාගේ උපදෙස් ද ලබා ගත් බව එම අමාත්‍යාංශයේ ඊයේ(10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

“නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමක් මේ වගේ කාරණාවකදී අවශ්‍ය නෑ. මිනීමැරුමකට වරදකරුවෙක් වෙච්ච කෙනෙක් සම්බන්ධව තමයි නීතියට අනුව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය. නමුත් මෙහි වඩාත් පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා මම නීතිපතිතුමාගේ උපදෙස් ලබාගත්තා. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ ඔහු පිළිබඳව වාර්තාවත් ලබාගත්තා. ඒ සියලු කරුණු සලකාබලා මම ජනාධිපතිතුමාට නිර්දේශයක් ඉදිරිපත් කරළා තියෙනවා කොන්දේසියකට යටත්ව. හේතුව මේ දඬුවම ලබාදීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි. සාමාන්‍ය සිද්ධියක් අපරාධයක් සම්බන්ධවත් නෙවෙයි. මේ දඬුවම් ලබාදීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධවයි. ඒ නිසා මේ වගේ කාරණයකදී ඔහු දීර්ඝ කාලයක් එක පැත්තකින් දඬුවම් විඳලා තියෙන නිසා. ඔහුට හොඳ කල්ක්‍රියාවෙන් සිටින නිසාත්. ඔහුට සමාජයට යම්කිසි දායකත්වයක් ලබාදෙන්න පුළුවන් නිසාත්. අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේදී සමාවක් ලබාදීම ඉතාම සාධාරණයි කියලා. හැබැයි ඒ දේ අපි කරන්නට ඕන අපේ අධිකරණය කිසිම ආකාරයකින් අවතක්සේරු නොවෙන විදියට. ඒ නිසා ඔහු අධිකරණය පිළිබඳව කළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරලා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට දුන්නට පස්සේ ජනාධිපතිතුමා ඒ සමාව දීම සුදුසුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. උපදෙස් දීලා තියෙනවා මම හිතන්නේ ඉදිරි දවස් කිහිපයේ ඒක කෙරෙයි.”

Aruna