Friday, January 09, 2026
Follow Us
මීළඟ ඡන්දයෙන් පොහොට්ටුවේ 10 දෙනෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නෑ – හඳුන්නෙත්ති

මේ මොහොතේ මහමැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – දැන් ඡන්දෙකට යන්න පුළුවන් තත්වයක්ද තියෙන්නෙ මේ රටේ ?

“ජනතාවට අවස්ථාව දෙන අන්තර්කාලයක් තියෙනවා නම් ගෑස් ටික දීලා, තෙල් ටික දීලා, පොහොර ටික දීලා, මිනිස්සුන්ගෙ හිත හදලා ඡන්දෙකට යන්න, ඒක වෙනම කතාවක්. දැන් අපි කියන්නෙ දැන් ඡන්දයක් ඕනෙ ජනතාවට”

ප්‍රශ්නය – ඔබ හිතනවාද දැන් ඡන්දයක් තිබ්බොත් අලුත්ම ටීම් එකක් පාර්ලිමේන්තුවට එයි කියලා ?

“හොරුත් එක්ක බෑ. දැන් මේ හොරු සමග හෙළුවෙන් කට්ටියම. දැන් මේ ආණ්ඩුවෙ පොහොට්ටුවෙ කට්ටිය ඉන්නෙ ඇයි ? ඔය 150ක් විතර ඉන්න කට්ටිය දන්නවා ඊළඟට ඡන්දෙකට ගියොත් 10 දෙනෙකුට හම්බෙන්නෙ නෑ කියලා. ඇයි සජිත් මේ සර්ව පාක්ෂික එක්කට යන්න තටමන්නෙ ? එයා දන්නවා එයාගෙ කට්ටිය බිලි බාගන්නවා කියලා හෙට අනිද්දාට රනිල්. රනිල් එයාගෙ හිටපු නායකයානෙ. සජිත් කට්ටිය බිලි බාගන්න එක පේන එක වහගන්න කට්ටිය පිටින් යන්න හදනවා. අපට එහෙම අමාරුවක් නෑ”

LNW