ගෝඨාභය ගැන අහද්දි ජනාධිපති රනිල් නිහඬ වෙයි
විදේශගතව නොයිද යළි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයා ජුලි නව වැනිදා සිට මාසයකට අධික කාලයක් සිටින්නේ විදේශගතවය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී ඉන් පිට වූ හිටපු ජනාධිපතිවරයා මාලදිවයින, සිංගප්පූරුව වැනි රටවල සිට මේ වන විට තායිලන්තයට පැමිණ ඇත.
එහෙත් වෙනත් රටවල ජීවත් නොවී මව් රටට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නැත.
හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ ජීවත් වීම සඳහා කිසිදු අනාරක්ෂිත බවක් නොමැති බවද ආරක්ෂක අංශ මේ වන විට තහවුරු කර ඇත.
කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් බැහැ දැකීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගිය අවස්ථාවේදී මහාචාර්ය කෝටපිටියේ රාහුල හිමියන්ද හිටපු ජනාධිපතිවරයා ගැන විමසා තිබේ.
‘ගෝඨාභය ජනාධිපතිතුමාට ලංකාවට ඇවිත් නිදහසේ ඉන්න අවස්ථාව හදලා දෙන්න.’’ උන්වහන්සේ ඉල්ලා සිටි අවස්ථාව්දී ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැත.
Aruna