යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක් - පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි
මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

















