Friday, March 20, 2026
Follow Us
ඉරාන ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
ඉරාන හිටපු උත්තරීතර නායකයා ඝාතනය කරමින් අමෙරිකාව සිය රටට එරෙහිව සිදුකරන ආක්රමණශීලී ක්රියාපිළිවෙත ජාත්යන්තර නීති පද්ධතිය මුළුමනින්ම විනාශ කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්රකාශ කළ බව වාර්තා වේ.
 
මෙය ජාත්යන්තර ආරවුල් විසඳීමේදී අනුගමනය කරන ඉතා භයානක නව ප්රවේශයක් බවයි ඔහු පෙන්වා දී තිබේ.
 
පවතින මෙම අර්බුදකාරී තත්ත්වයට එරෙහිව ජාත්යන්තර ප්රජාව දැඩිව පෙනී නොසිටින්නේ නම්, මෙහි විපාක ලෝකයේ බොහෝ රටවලට අත්විඳීමට සිදුවනු ඇති බවට ද ඉරාන ජනාධිපතිවරයා මෙහිදී අනතුරු අඟවා සිටි.