Saturday, March 14, 2026
Follow Us
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට ප්‍රහාරයක්

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි. 

අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි. 

සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි තිබේ. 

කාර්ග් දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර, එය ඉරානයේ 'ඛනිජ තෙල් ජීවනාලිය' ලෙසය.