Monday, March 23, 2026
Follow Us
ප්‍රහාර දින 5කට අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කරයි
ඉරාන බලශක්ති පහසුකම් වෙත එල්ල කෙරෙන සියලු ප්රහාර දින 05කට අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඔහුගේ සමාජ මාධ්ය ගිණුමට සටහනක් එක්කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඒ අනුව සියලු ප්රහාර දින 05කට අත්හිටුවන ලෙස අමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුවට නියෝගකළ බව එහි වැඩිදුරටත් සදහන්. කෙසේ වෙතත් පසුගිය 21 වැනිදා ජනාධිපති ට්රම්ප් කියා සිටියේ හෝමූස් සමුද්ර සන්ධිය විවෘත කිරීම සදහා ඉරානයට පැය 48ක කාලයක් ලබාදෙන බවයි. එම කාලය තවත් පැය කිහිපයකින් අවසන්වීමට නියමිතයි.
 
මේ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ නිවේදනයත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය අතර ලෝක බොර තෙල් මිලද සීඝ්ර ලෙස පහළ ගොස් තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.