Sunday, March 22, 2026
Follow Us
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන එක් නෞකාවකින් ඇ. ඩො. මි. දෙකක්
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

එරට පාර්ලිමේන්තු මන්ත්රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද (22) ඉරාන රාජ්ය රූපවාහිනිය හරහා මේ බව දැනුම්දුන් බව බීබීසී පුවත් සේවය සඳහන් කරයි.
 
ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතියක් වන සමුද්ර සන්ධියේ නව පාලන තන්ත්රයක් ඇති කළ යුතු බව මන්ත්රීවරයා පෙන්වාදී ඇත.
 
යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව අලෙයිඩින් බොරෝජ්ර්ඩි අවධාරණය ඇති බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.