Friday, March 13, 2026
Follow Us
ඉන්ධන සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වෙයි.

මාර්තු 6 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවති නිල හමුවකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

සාකච්ඡාව අතරතුර, මැදපෙරදිග යුද්ධය අඛණ්ඩව පැවතුණහොත් ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුමට ඇති විය හැකි බලපෑම පිළිබඳව අමාත්‍ය හේරත් මහතා කනස්සල්ල පළකර ඇති අතර, අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා රජය පවසන්නේ, ඉන්දියාව මෙම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, අවශ්‍ය පියවර සලකා බැලීමට දැනටමත් පියවර ගනිමින් සිටින බවත්ය.

රජයේ ප්‍රකාශයට අනුව, මැදපෙරදිග අවිනිශ්චිත තත්ත්වය මධ්‍යයේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩ සහ ආරක්ෂිත ඉන්ධන සැපයුමක් පවත්වාගැනීම සහතික කිරීම මෙම පියවරේ අරමුණවේ.