Thursday, March 12, 2026
Follow Us
ඉරාන නව උත්තරීතර නායකයා පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කරයි

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තකරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් හරහා සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය අවශ්‍ය බවට අවධාරණය කර ඇති බවය. 

එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසද ඔහු ඉල්ලා ඇති අතර, එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවද අනතුරු අඟවා ඇත. 

කෙසේවෙතත්, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරන බව වාර්තා වෙයි.