ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 04 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබේ.
ඇමරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා චීනය තවත් 50% තීරුබදු පනවයි.
මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන අයකුගෙන් ආදායම් බදු අය කර ගැනීමේ සීමාව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි මාසයකට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා වැඩිකොට ඇත.
ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉක්මනින්ම කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, දීර්ඝ කාලයක් පුරා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබූ ගැටලු විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නව රජය විසින් ක්‍රියාත්මක කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව නිවේදය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
Public budgets play a critical role in achieving a country’s sustainable development priorities. Therefore, it is important to ensure that national budgets are effectively aligned with Sustainable Development Goals (SDGs).
2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා ( 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Page 24 of 278















