Monday, February 16, 2026
Follow Us
ඉහළ ගිය ඉන්ධන මිල ගණන්

ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.