Sunday, July 06, 2025
Follow Us
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ල පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2025 ජූලි මස 05 වැනි දින  4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක 06ක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුවල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.