Saturday, February 14, 2026
Follow Us
හපුතලේට නව සංචාරක කලාපයක්

"ශ්‍රී ලංකා තේ" සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරිමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පංකැටය ග්‍රාම නිළධාරී වසමේ  කහගල්ල ප්‍රදේශයේ ප්‍රයෝජනයට නොගෙන තණකොළ වැවී තිබෙන අක්කර හතරකින් පමණ සමන්විත භූමි ප්‍රදේශය මෙම සංචාරක කලාපය ආරම්භ කිරිමට තෝරාගෙන තිබේ.

කහගල්ල සංචාරක කලාපය තේ උරුම  කෞතුකාගාරයක් හා උද්භිත උද්‍යානයක් සහිතව දේශිය විදේශිය සංචාරකයන්ට පහසුකම් සහිත ආකර්ෂණිය  ප්‍රදේශයක් බවට පත්කිරීමට නියමිතය.