President Gotabaya Rajapaksa over the weekend said that “the life in the village, like the village itself, should be beautiful”.
වසර 20 කට පසු සමූපකාරය මගින් වී මිලදී ගැනීම අද ආරම්භ වනවා. ඒ යටතේ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල සමූපකාර සමිති සඳහා සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම අද සිදු කෙරෙන බවයි සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.
The Economic and Technology Cooperation Agreement (ETCA) with India is among the bilateral trade agreements to be reviewed by the government to decide on the next step, a Minister said yesterday.
මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක් ලෙස යෝගේෂ්වරී පත්ගුණරාජා පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
උතුරේ පාසල්වල දරුවන් දකුණේ පාසල් දරුවන් හා මිත්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කැමැත්තෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යයාලය මගින් වාර්ෂිකව පිරිනමන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Army Commander and National Operation Center for the prevention of the Spread of COVID-19 (NOCPCO) Head General Shavendra Silva, yesterday announced that no decision has been taken to lock down the entire country.
බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ අනුව ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
Sri Lanka's first power plant to generate electricity using garbage and other bio mass set up at Kerawalapitiya at Hendala, Wattala will be added to the national grid next Wednesday (17) Power Minister Dullas Alahapperuma said.
පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා ඔක්ස්ෆර්ඩ් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ කර ඇති බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
"ගම සමග පිළිසඳරක්" වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ පුවත් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අදහස් ප්‍රකාශ කර සිටියා.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඉදිරි මාස කිහිපය රටට අපහසු කාල වකවානුවක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා වෛරසයේ බලපෑමෙන් පසු මේ වන විටත් රට යතා තත්ත්වයට පත් වෙමින් ඇති බවයි.
වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3,332 දෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා. ඒ, අරලියගහ මන්දිරයේ දීයි.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කරණ බවට ලැබුණු නිර්නාමික ලිපියක් හේතුවෙන් මේ වන විට දේවස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.
මේවන විට වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් ක්‍රියාකරන ලෙස පරිසර සංවිධාන නියෝජිතයින්’ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තරදීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බවයි බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ. ඊයේ පස්වරුවේ එම සභාව 08 වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කෙරුණා.
කොළඹ අධිකරණවල රියැදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙරේදා (11 වැනිදා) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ ප්‍රකාශ කළේය. රියැදුරන් විසින් නැවත ලබා නොගැනීම නිසා මෙසේ රියැදුරු බලපත් ගොඩගැසී ඇත.
Page 397 of 647