Sunday, November 16, 2025
Follow Us
සාපෙ වෙනුවෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නිකුත් කෙරේ

මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව අනුව විභාග කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම කාර්ය මණ්ඩල සහ විභාග අපේක්ෂකයන් තම නම, ලිපිනය, සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ විස්තර සහ තමා නිරෝධායනයට යොමු කර හෝ හුදෙකලා කර ඇති ප්‍රදේශයකින් පැමිණි අයෙකු නොවන බව අවධාරණය කරමින් ප්‍රකාශයනයක් ඉදිරිපත් කළ යුතුව ඇත.

කිසියම් අපේක්ෂකයෙකු විභාග මධ්‍යස්ථානයට පැමිණීමෙන් පසු කොවිඩ් -19 ආශ්‍රිත රෝග ලක්ෂණ ගැන පැමිණිලි කල හොත් ඔහු හෝ ඇය වෙන් කර විභාගය පැවැත්වීම සඳහා මධ්‍යස්ථානය තුල සුදුසු කාමරයක් සකස් කොට තිබිය යුතුවේ. එමෙන්ම එම තැනැත්තාට එදින දිගටම විභාගය කරගෙන යාමට සැලස්විය යුතු බවට දැනුම් දී ඇත.

පැමිණීම අත්සන් කිරීම සඳහා අපේක්ෂකයින්ට තමන්ගේම පෑනක් භාවිතා කරන ලෙසට දැනුම් දීම, කිසිදු ආකාරයක ලිපි ද්‍රව්‍ය හෝ උපකරණ ( කැල්කියූලේටර්, ලොග් වගු, පත්‍රිකා) අතින් අත යැවීමෙන් වැළකීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම විවේක කාල වලදී සහ විභාගය අතර තුරදී සිසුන් එකිනෙකා සමග මිශ්‍ර වීමට හෝ ආහාරපාන බෙදා ගැනීමට ඉඩ නොතැබිය යුතු බවට මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවෙන් උපදෙස් නිකුත්කර ඇත.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 622,352ක් විභාග මධ්‍යස්ථාන 4513 කදී පෙනී සිටින අතර සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542ක් පිහිටුවා තිබෙනවා.

අයදුම්කරුවන් අතුරින් 198,606 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වන අතර පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 423,746ක් වනවා.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව පහතින් දැක්වේ :

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

OLExam guide S 1

(Neth)