2020 වසරට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම ද තහනම් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම නියෝග කඩකරන හෝ උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි.
අධ්‍යයන පොදු සහිතක පත්‍ර විභාගය ලබන මාර්තු මස 1 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
(Aruna)