කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (15) අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කරමින් පවතින අතර රටක් වැසීමට අවශ්‍යතාවක් නැති අතර ඉතා සීමිත සංඛ්‍යවක් හඳුනා ගෙන තිබෙන බවයි ඇය කියාසිටියේ.
මේ වන විට වැදගත් වෙන්නේ අලුත් වෛරසයද පරණ වෛරසයද යන කාරණය නොව මේ පොකුරෙන් පිටතට පැතිරීම වළක්වා ගැනීම බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන ලදී.
ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත විද්‍යා අංශය මෙන්ම ක්ෂේත්‍රයේ සිටින සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සහයෝගයෙන් කටයුතු කරගෙන යන බවයි ඇය පෙන්වාදුන්නේ.
නව ප්‍රභේදය සහිත හඳුනා ගෙන තිබෙන ආසදිතයින්ගෙන් වැඩි දෙනෙක් විදෙස් රටවල සිට පැමිණ සිටින අය වන අතර ඔවුන්ගෙන් සමාජයට බෝ වීමේ අවදානමක් නැති බවද අමාත්‍යවරිය කියසිටියාය.
''මේක බයවෙන්න තරම් කාරණාවක් නැහැ. අපි අවධානයෙන් ඉන්න නිසා තමයි මේක හොයා ගත්තේ. අපි නිතරම ජනතාවට කිව්වා ඕනෑම වෙලාවක් මේ කොවිඩ් 19 වෛරසය වෙනස් වෙන්න පුළුවන්. අලුත් වර්ග මතුවෙන්න පුළුවන් කියල. හඳුනා ගැනීම ඉතාම සාධනීයයි. මේ හඳුනා ගැනීම කළා කියල රට ලෝක් ඩවුන් කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ ක්ලස්ටර්ස් පාලනය කිරීම ඉතාම වැදගත්. අපිට පේනවා මේ අවදානම ගැන ජනතාවගේ තියෙන බය නැති වෙලා කියලා. ජනතාවගේ අවදානම් හැසිරීම් රටාවන් අපි දකිනවා. ග්‍රාමීය ජනතාව පමණක් නෙවෙයි අද නාගාරික ජනතාව හෝටල්වල, රාත්‍රියේදී අවදානම් ලෙස ක්‍රියාකාරකම්වල යෙදෙනවා. එකට එකතු වෙලා,මාස්ක් නැහැ,ජනතාව ඒකරාශී වෙනවා. මගුල් ගෙවල් හරහා යම් යම් පොකුරු රට පුරා නිර්මාණය වෙනවා. ඒ නිසා මේ සෙනග රැස්වීම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩිව තීන්දු ගත්තා. අපි ඉල්ලන්නේ සෙනග එකතු වීම අවම කරන්න.''
කෙසේවෙතත් නව ප්‍රභේදය රට තුළ හඳුනාගැනීමත් සමඟ මාර්ගෝපදේශවල වෙනසක් අවශ්‍ය නොවන අතර දැනට ලබා දී ඇති මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
(LNW)