Tuesday, October 20, 2026
Follow Us
State

2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State

සිංහල හා දෙමළ පාස­ල්වල පළමු පාසල් වාරයේ පළමු අදි­යරේ නිවා­ඩුව අව­සන්ව දෙවැනි අදි­යර අද (21) ආරම්භ වන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

State
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත.
State

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

State

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ගෙන තිබේ.

State
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නවීන ස්වයංක්‍රීය සංඛ්‍යාත කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
State

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි‍යේ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

State

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ සුහද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන රුමේනියාව, ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර සහ සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්ව තිබේ.

State

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.

State

පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

State

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (27) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ  දී සිදු කිරීමට නියමිතය.

State

මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍යය අද (20) සවස් කාලයේ පැවැත්වීමට නියමිතයි.

State

පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

ග්‍රාමීය සංවර්ධනයට රජය වෙන් කර ඇති මුදල් උපයෝජනය කිරීමේ දී  ප්‍රජා සංවර්ධන සභා කාර්යභාරය සුවිශේෂයි

  • ජනාධිපති ලේකම්

සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

State
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අද( 19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
State

2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී  තිබෙන අතර ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇත.