මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
පවතින අධික වර්ෂාපතනය සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හමුවේ විශේෂයෙන්ම අත්තනගලු ද්‍රෝණියට අයත් ගම්පහ නගරය සහ ඒ අවට ඇතැම් ප්‍රදේශ ඉදිරි පැය කිහිපය තුළදි ගංවතුර අවදානම් තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කරණ අංශයේ වාරි මාර්ග ඉංජිනේරු ජි.ඩබ්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබේ.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය.
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 දක්වා වළංගු වන පරිදි අද (07) පෙරවරු 07.30ට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහත පරිදි වේ.
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.
ආගමික ස්ථානවලට සූරිය පැනල ලබා දීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනබව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව පැවසීය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.
Page 13 of 623