ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2362කදී අදින් (10) ආරම්භ වේ.
රුපියල් මිලියන 170ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2026‑2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපායමාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු බැගින් වන පරිදි සේවයේ යෙදවීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා අද සිට සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම, තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
2024 වසරේ සිදුකළ ජන හා නිවාස සංගණනයේ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (30) සිදු කළේය.
උසස් පෙළ විභාග කාලසීමාව තුළ සිසු දරුදැරියන්ට සහ විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට යම් ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.
ජනතා කැමැත්තෙන් තොරව මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ක්රියාත්මක නොකරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දන්වා ඇත. ඊට අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයද හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Page 13 of 644