Monday, January 26, 2026
Follow Us
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 කට පත්වීම් ලිපි ප්‍රදානය හෙට

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (27) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ  දී සිදු කිරීමට නියමිතය.

එම පත්වීම් ප්‍රදානය රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබු නමුත් එම තරඟ විභාගය පවත්වන ලද්දේ 2025 වසරේ දීය.

එම තනතුර සඳහා  226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත  තරඟ විභාගය අනූව සුදුසුකම් සපුරන ලද  246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර ඉහත 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617 ක් වන අතර, 1,906 ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.