Wednesday, March 04, 2026
Follow Us
 අම්බුළුවාවේ ඉදිකිරීම් කටයුතු වහා නවත්වන ලෙස දැනුම්දීමක්

අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කරයි.