Wednesday, January 14, 2026
Follow Us
දිස්ත්‍රික්ක දෙකකට පැනවූ නායයාම් රතු නිවේදනය දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ රතු නිවේදනය හෙට (10) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍ර‍දේශීය ලේකම් බල ප්‍රදේශයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙලෛස නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
එසේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශයට නාය යාම් පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.