ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නවීන ස්වයංක්රීය සංඛ්යාත කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීමට අවශ්ය ඉදිරි පියවර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2001 වසරේ සිට ජාතික සංඛ්යාත කළමනාකරණ මෙහෙයුම් සඳහා ප්රධාන මෙවලම ලෙස SPECTRAplus නමැති සංඛ්යාත කළමනාකරණ පද්ධතිය භාවිත කරනු ලබයි. එහෙත්, දශක දෙකකට වඩා වැඩි කාලයක් පවතින එම පද්ධතිය වර්තමාන තාක්ෂණික, නියාමන හා මෙහෙයුම් අභියෝගවලට මුහුණ දීමට මෙන් ම ශ්රී ලංකාවේ දියුණු වෙමින් පවතින දුරකථන හා දත්ත සන්නිවේදන ක්ෂේත්රයේ අවශ්යතා සපුරාලීමට ප්රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.
එබැවින්, ජාතික සංඛ්යාත පරිපාලනය ශක්තිමත් කිරීමට, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, නියාමන අනුකූලතාව තහවුරු කිරීමට, නවීන අධීක්ෂණ පද්ධති හා ජනතාවට සපයන ඩිජිටල් සේවා සමඟ ඒකාබද්ධතාව පහසු කිරීමට හැකි වන පරිදි සම්පූර්ණයෙන් ම ස්වයංක්රීය නවීන සංඛ්යාත කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීමට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබ තිබේ.